මාෆියා කල්ලියට ලැබුනු දඩුවම

New Day
0


ඉතාලියේ විශාලතම මාෆියා නඩු විභාගවලින් එකක විත්තිකරුවන් 200 කට වැඩි පිරිසකට වසර 2,200 කට වැඩි සිර දඬුවම් නියම කර තිබේ.

වසර  තුනක නඩු විභාගයකින් අනතුරුව 'Ndrangheta' නම් ප්‍රබල අපරාධ කල්ලියකට සම්බන්ධ පුද්ගලයින්ට කප්පම් ගැනීමේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් දක්වා මෙලෙස සිර දඬුවම් නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම දඬුවම් නියම වූවන් අතර හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනිගේ පක්ෂයේ Forza Italia හි නීතිඥයෙකු සහ හිටපු සෙනෙට් සභිකයෙකු වූ Giancarlo Pittelli ද වූ බව සඳහන්ය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top