අතුරුගිරියේ වෙඩිතැබීමෙන් ක්ලබ් වසන්ත මරුට ; කේ. සුජීවත් ජාතික රෝහලේ

New Day
0


අද (8) පෙරවරුවේ අතුරුගිරිය ප්‍රදේශයේ වූ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් “ක්ලබ් වසන්ත” මියගොස් තිබෙන අතර ගායන ශිල්පිණී කේ. සුජීවා තුවාල ලබා ඇත. 

මේ වන විට මියගිය පුද්ගලයින් ගණන දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර රෝහල්ගත කර සිටි ගායන ශිල්පිණී කේ. සුජීවා කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රථිකාර සඳහා මාරුකර යවා ඇත.

අද පෙරවරුවේ 10:55 ට පමණ අතුරුගිරිය නගරය ආසන්නයේ වූ ටැටූ කෙටීමේ ස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා පවසා ඇත්තේ වෙඩි තැබීමෙන් කේ.සුජීවා මහත්මියගේ පාදවලට හානි සිදුව ඇති බවත් ඇගේ තත්ත්වය තවදුරටත් බරපතළ නොවන බවයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top