මැඩගස්කර් වැනිලා, කටුපොල් ඔස්තාර් සතීස්ගේ සදාහරිත ගේම් එළිවෙයි!

New Day
0

වල්ලපට්ට, මැඩගස්කර් වැනිලා සහ කටුපොල් වැනි වගා ව්‍යාපෘති සදහා මහ බැංකුවේ නිසි අවසරකින් තොරව ආයෝජන යැයි කියමින් තැන්පතු බාරගන්නා බවට සදාහරිත ප්ලාන්ටේෂන් වෙත චෝදනා කරමින් මහ බැංකුවට මේවනවිට පැමිණිලි ලැබෙමින් ඇතැයි වාර්තා වේ.

අදාළ, ආයතනය මේ කටයුත්ත වසර 21කට ආසන්න කාලය සිට සිදු කර ඇති අතර, පසුගියදා එසේ මුදල් එකතු කිරීමට නම් එයට මහ බැංකු අවසරය අවශ්‍ය බවට මහ බැංකුව ප්‍රකාශ කිරීමත් සමග මේ පැමිණිලි ගලාඒම සිදුවෙමින් ඇතැයි පැවසේ.

සතීස් නවරත්න නම් අයකුට අයත් මේ ආයතනයට 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ හෝ 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ හෝ කුෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර කටයුතු වල නිරත වීම සදහා 2016 අංක 06 දරණ ක්ෂුද්‍ර මූල්ය පනත යටතේ හෝ කල්බදු මූල්‍ය ව්‍යාපාරයන්හී නිරත වීම සදහා 2000 අංක 56 දරණ කල්බදු මුල්‍ය කරණ පනත යටතෙ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබාදී නොමැත.

මේ සමාගම ආරම්භක සමයේදී ම‍හෝගනී ශාඛ සඳහා විශාල ප්‍රතිලාභ ලබාදෙන බව කියමින් ජනාතාවගේ මුදල් තැන්පතු ලබාගෙන ඇත.

කෙසේවුවද, මහෝගනී ගස් සදහා වැළදුනු දිලීර ආසදනයක් හේතුවෙන්, ඔවුන්ගේ එම ව්‍යාපෘතිය අවසන් කර ඇති අතර එහි ආයෝජකයන්ට නැවත මුදල් ගෙවා ඇත්තේ “මනී රෝටේෂන්” (Rotation of Money) නමින් අන්තර්ජාතිකව තහනමකට ලක් වූ පිරිමීඩ ක්‍රමයකින් බවට ද අදාළ පැමිණිලිකරුවෝ පවසා තිබේ.

මෙය පෙනුමෙන් සහ ක්‍රියාවෙන් පිරිමීඩ ලක්ෂණ නොමැති වුවද තැන්පතු කරුවෙකු සදහා ගිවිසගත් දිකනකට හෝ කාලයකට බලපැවැත්වෙන පරිදි ගිවිසගත් පරිදි පොළියක් හෝ වැඩි මුදලක් ලබා දීමට, තවත් එවැනිම නව තැන්පත්කරුවෙකුගේ මුදල් යෙදවීම  “මනී රෝටේෂන්” නමින් හදුන්වන පිරිමීඩ ක්‍රමය ලෙසින් හැදින්වේ. 

එසේම මහෝගනී ශාක 2458ක් ඔවුන් සතුව ඇතැයි පැවසුවද මෙතෙක් එම ශාඛයක ඡායාරූපයක් හෝ තැන්පතුකරුවන්ට පෙන්වා නැතැයි ද පැවසේ.

මේ අතර, 2004 දී ඉංගිරිය ප්‍රදේශයේ රඹුටන් වගාවක් සඳහා වසර 25ක කාලයකට එක් ශාඛයකට රුපියල් 25,000 ක මුදලක් ආයෝජන ලෙස ලබාගෙන තිබේ.

එහි, රඹුටන් ශාක 1317 ක් වගා කළද  බලාපොරොත්තු වූ පරිදි අස්වැන්න ලබා ගැනීමට අපොහොසත් වීම, නඩත්තු පිරිවැය අධික වීම සහ ස්වභාවික ව්‍යසන හේතුවෙන් එම වගා ව්‍යාපෘතිය අත්හැර දමමින් එහි ආයෝජකයන්ට මුදල් ගෙවා ඇත්තේ ද “මනී රෝටේෂන්” ක්‍රියාවකින් බවට චෝදනා එල්ලවී තිබේ.

මේ තේක්ක වගාවකට සිදුව ඇති ඉරණමයි

මේ අතර, මෙරට තුළ වගා සිදු කිරීමෙන් පසු ශාක සදහා ආයෝජනය කල පිරිස් සහ බාහිර බලපෑම් හේතුවෙන් විශේෂයෙන් වගා ඉඩම් පෙන්වීමට සිදු වීමට සිදුවීම නිසා එම සමාගම විසින් මැඩගස්කරයේ සිදුකරනවා යැයි පැවසෙන වැනිලා හා කටුපොල් වගාවන් සඳහා ද මේවන විට මෙරට ජනතාවගෙන් තැන්පතු ලබාගෙන ඇති බව හෙළිව තිබේ. 

මේ වගාවන් පිළිබඳව ඡායාරූප සාක්ෂියක් හෝ නොපෙන්වන මොවුන් මෙරටින් පිටරටට මුදල් යැවීම ද මේ හරහා සිදු කිරීම සම්බන්ධ ව්‍යාපෘතියට දේශපාලන හයියද ලැබෙන බව වාර්තා වේ.

වසර ගණනාවක් පුරා එම ආයතනය මහ බැංකුවේ ඇස වැසූ තවත් කරුණක් වන්නේ සදාහරිත Oud ආයතනය මගින් වල්ලාපට්ට තෙල් නිස්සාරණය කිරීමට යැයි කියමින් කඩුවෙල වෙල්හේන දේශයෙන් රුපියල් ලක්ෂ 6ක මාසික කුලී පදනම මත ලබාගෙන ඇති අතර ඒ සදහා බලපත්රයක් මේ වන තෙක් ලබා ගෙන නොමැති බවද මේවන විට හෙළිව තිබේ.

එම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට ගිය අපට දැකගත හැකිවූයේ එම කර්මාන්ත ශාලාව හා අවට වැසි දිනවලට ජලයෙන් යටවෙන බවකි.

සාමාන්‍යයෙන් ජලයෙන් යටවන ප්‍රදේශයක වල්ලාපට්ට තෙල් සිදීම වැනි කාර්යක් සිදු කිරීම නොහැකිය.

ඒ එම ශාඛ තෙල් සිදීමේ ක්‍රියාවලිය සඳහා වියලිව තිබිය යුතු නිසාය. 

මේ සදාහරිත Oud ජලයෙන් යටව ඇති අයුරුයි....



Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top