ක්‍රිකට් තහනම දික්වෙන ලකුනු

New Day
0


ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද(21) පැවති අයි. සී. සී. විධායක මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් තහනම පැවතියද ජාතික කණ්ඩායම සම්බන්ධ ක්‍රිකට් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට ඉඩ ලැබෙන බව එම වාර්තාවල සඳහන් වෙයි.

මේ වනවිට අහමදාබාද් හිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හමුවක්  පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මෙම රැස්වීමට සහභාගී වී ඇති බවද වාර්තා වෙයි.

මේ අතර 2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියද මෙරටට අහිමි වී තිබේ.

ක්‍රික්බස් වෙබ් අඩවිය වාරතා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය ගැටලු හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව එම තරඟාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත.

බොහෝ ක්‍රිකට් විචාරකයන් ලංකාවේ ක්‍රිකට් තහනම අද දිනයෙන් පසුව ඉවත්වනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවිය. 

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top