සේමසිංහට එන මැතිවරණයේදී තරගකරන්න පක්ෂයක් සොයාගන්න වෙලා

New Day
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ මේවන විට රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරණ ශෙහාන් සේමසිංහ මහතාට ඉදිරි මහ මැතිවරණයකදී තරගවැදීමට පක්ෂයක් සොයා ගැනීමට සිදුව ඇතැයි වාර්තා වේ.

ඒ මේවන විට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතා කිට්ටුවන්තයකු ලෙස කටයුතු කරනු ලබන සේමසිංහ මහතාට ඉදිරිමැතිවරණයකදී පොහොට්ටු පක්ෂයෙන් තරගවැදීමට අවස්ථාව නොදිය යුතුබවට එම පක්ෂයේ ප්‍රබලයන්ගෙන් මතුව ඇති විරෝධතාවක් නිසාය.

මේ විරෝධතාවයට අනුව පසුගිය සතියේ එම පක්ෂයේ අනුරාධපුර තලාවේ පැවැති කලාවැව ආසන බල මණ්ඩල රැස්වීමට සේමසිංහ මහතාට ආරාධනා ලැබී නොතිබිණි.

එම පක්ෂයේ නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මූලසුන හෙබවූ එම බල මණ්ඩල රැස්වීම සංවිධානය කර තිබිණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතාය.

කෙසේවුවද, මුලසුන හෙබවූ මහින්ද මහතා එම රැස්වීමේදී කතාවක්වත් නොකළත් එහි ප්‍රධාන කතාව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කිරීම මේවන විට දේශපාලන කරලියේ කතා බහට ලක්ව තිබේ.

ආරාධනා නොලැබීම ගැන මාධ්‍යට හඩ අවදි කළ සේමසිංහ මහතා කියා තිබුණේ තමා ආරාධනා නොමැතිව යන්නේ මල ගෙවල්වලට පමණක් බවයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top