දැන් අවුරුද්දයි ජනපති ප්‍රසිද්ධ කරනව කිව්ව නම් තාම හමස් පෙට්ටියේ!

New Day
0

සහනදායී බදු පදනම මත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබා ගත් පුද්ගලයන්, ආයෝජන මණ්ඩලයේ බදු සහන/ බදු විරාම ලබා ගන්නා ආයතන ලේඛනය, ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කරනු ලබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් වසරේ මාර්තුවේදී ප්‍රකාශ කළද මෙතෙක් එය ප්‍රකාශයට පත්කර නැතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද විස්තීර්ණ මූල්‍ය පහසුකම පිළිබඳව ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය.

එසේම විශාල ප්‍රමාණයේ රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ලබන බව ද ඔහු වැඩිදුරටත් එහිදී පැවසීය.

මනූෂගේ විදුලි කාර් පර්මිට් අණ්ඩරය

මේ අතර, විදෙස්ගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ආනයන පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළේ කිසිදු විනිවිදබවක් නොමැති බවත්, එය අවුල් ජාලයක් බවත්, කියමින් මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ ගැසට් නිවේදනයක් අනුමත කිරීම පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව ප්‍රතික්ෂේප කර ඇත.

එසේම, එම ගැසට්ටුවේ ගැටලුවක් නොමැති බව කම්කරු අමාත්‍යාංශයත් මුදල් අමාත්‍යාංශයත් ඒකාබද්ධව අධ්‍යයනය කර සති දෙකකින් දැනුම්දෙන ලෙස ද එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා තිබේ.

මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත්තේ විද්‍යුත් වාහනයක් සඳහා බදු සහන ලබාදීමේ රුපියල් ලක්ෂ හැටක සීමාව රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් දක්වා වැඩි කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයකි.

මෙම වැඩටහන යටතේ මේ වන විට වාහන එක්දහස් දහනවයක් සඳහා බලපත්‍ර ලබා දී තිබෙන අතර එලෙස බලපත්‍ර නිකුත් කළ වාහන 332ක් පසුගිය වසරේ දී ආනයනය කර ඇතැයි ද හෙළිව ඇත.

ඇතැම් බලපත්‍රලාභීන් ආනයනය කිරීමට අයදුම් කර තිබෙන වාහනයේ බදු රහිත වටිනාකම පමණක් ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ විසි දහසක් බව ද මෙම කාරක සභාවේ දී අනාවරණය වී තිබේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top