ගිය අගෝස්තුවේ සිට චීනෙට තානාපති කෙනෙක් නෑ

New Day
0

චීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පසුගිය අගෝස්තු 10 වැනිදා එම ධූරයෙන් ඉවත්වීමෙන් පසුව එම ධූරය මේ දක්වාම හිස්ව පවතින බව වාර්තා වේ.

‍ඒ අනුව මේව විට එහි තානාපති ධූරය හිස්ව මාස 5කට ආසන්න කාලයක් ගතව තිබේ.

ජනපතිවරයා සිය චීන සංචාරයට එක්වූයේද අදාල පුරප්පාඩුව තිබියදීය.

ඉන්දියාවේ තානාපති ධූරය හිස්වනවාත් සමඟ ජනාධිපතිවරයා විසින් අදාළ ධූරය පිරවීමට යුහුසුළුවීමත්, චීනයට තාන‍ාපතිවරයකු පත් කිරීමට කල් මැරීමත් සම්බන්ධයෙන් චීන රාජතාන්ත්‍රික ප්‍රධානීන්ගේ කනස්සල්ලට හේතුවී ඇති බවද පැවසේ.

මේවන විට එහි තානාපතිවරයා ලෙස පත්කර හැරීමට ඔස්ට්‍රියාවේ වියානා හි සිටි තානාපති මජිංත ජයසිංහ මහතාගේ නම ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කිරීමෙන් පසුව ඔහුට චීනයේද කැමැත්ත පලවී මාස ගනනාවක් ගෙවී ගොස් ඇතත් මේ දක්වා එම පත්වීම අනුමත වී නැතැයි වාර්තා වේ.

අදාළ පත් කිරීම මේවන විට පාර්ලිමේන්තුවේ උසස් නිලතල කමිටුවේ පල්වෙමින් ඇති බවද පැවසේ.

මජිංත ජයසිංහ මහතා විදසේ සේවාවේ සිටින ඒ ශ්‍රේණියේ නිලධාරියකු වන අතර ඔහු චීනයේ ද රාජතාන්ත්‍රිකයකු ලෙස කටයුතු කර ඇති බව පැවසේ.

ඔහුට චීන භාෂාව පිළිබඳ ද දැනුමක් ඇති අයෙක් බවද newday.lk වෙත වාර්තා වේ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ මිලින්ද මොරගොඩ මහතාගේ නිල කාලය පසුගිය සැප්තැම්බරයේ අවසන්වීමෙන් පසුව එහි නව මහ කොමසාරිස්වරිය ලෙස වි‍දේශකටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම්වරියක වන ක්ෂෙනුකා සෙනවිරත්න මහත්මිය පසුගිය ජනවාරි 05 වැනිදා එහි වැඩ බාර ගැනීම ද සිදුකරනු ලැබීය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top