ල‍ොවපුරා හින්දු බැතිමත්හු අද තෛපොංගල් සමරති

New Day
0

සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයින් සුර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.

අස්වනු කපා වියළා ගන්නට උචිත යහපත් කාලගුණයක් සලසාදීම වෙනුවෙන් සූර්යයාට අස්වැන්නේ මුල් කොටස පිදීමටත්, ගව මහිෂාදී සත්ත්ව සමූහයා වෙත කෘතගුණ සැලකීමත් අරමුණු කරගෙන මෙම උත්සවය පැවැත්වේ.

‘තායි ‘ නම් දෙමළ මාසයේ පළමුවන දිනය හඳුන්වනු ලබන්නේ ‘ පොංගල් ‘ නමිනි. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුරා යාම නැතිනම් පිටාර ගැලීමයි”. මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකයි.

යාපනය, කරෙයිනගර්, අයියනායක කෝවිලේ අද (15) උදෑසන 10.00ට පැවැත්වෙන ජාතික සංහිඳියා තෛපොංගල් උත්සවයට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධාන ආර­ාධිත අමුත්තා ලෙස සහභාගි වේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top