කෙසෙල්වත්තේ ඝාතනය දනුකගේ වැඩක්; පොඩි කවිගේ ඝාතනයට පළිගැනීමක්

New Day
0

ඊයේ (11) රාත්‍රියේ කොළඹ 12 කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික‘කෙසෙල්වත්ත දනුක‘ යන අයට සම්බන්ධ පිරිසක් විසින් බව වාර්තා වේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 48 හැවිරිද මාටිස් පටුමග, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

මෙම ඝාතනයට හේතුව මීට පෙර එනම් 2023.07.30 වන දින සිදු වු මනුෂ්‍ය ඝාතනයක් බවද පැවසේ.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කාවින්ද දිල්ශාන් නොහොත් ‘පොඩි කවි‘ නැමැති අය ඝාතනය කිරිමට ඔත්තු සැපයු පුද්ගලයකු බවට හදුනා ගෙන අදාළ පුද්ගලයාව මෙලෙස ඝාතනය කර ඇති බවට අනාවරණය වී තිබේ. 

එසේම ඝාතනය වූ පුද්ගලයා තවත් මනුෂ්‍ය ඝාතන වලට මීට පෙර සම්බන්ධ බවද කියැවේ.

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර මේ සම්බන්ධව වැඩිදුර විමර්ෂන කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ විමර්ෂන අංශය මගින් සිදුකරයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top