ගෝල් ග්ලැඩියේටර්ස් හිමිකරු මන්ත්‍රී කෙනෙක් හැටියට දිවුරයි

New Day
0

නයන වාසලතිලක මහතා අද (12) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එලෙස නයන වාසලතිලක මහතා පත්කර ගැනුණි.

ඒ මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජන කරමින් මනාප 31,307ක් හිමිකරගෙන ඇත.

ව්‍යාපාරිකයකු වන නයන වාසලතිලක මහතා ලංකා ප්‍රිමියර් ලීග් (Lanka Premier League) ක්‍රිකට් තරගාවලියට තරගවැඳුන ගෝල් ග්ලැඩියේටර්ස් (Galle Gladiators) කණ්ඩායමේ හිමිකරුවාද වේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top