අනුරට ගණන් වැරදිලා රනිල් 18 වතාවක් රට ගිහින්; මෙන්න ලයිස්තුව

New Day
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දින 12ක විදෙස් සංචාරයක් සඳහා අද (13) දිවයිනෙන් පිට ව ගොස් තිබේ.

ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ විදෙස්ගතව ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, ජාතික ජන බලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා කියා සිටියේ වික්‍රමසිංහ මහතා මාස 14ක් තුළ අවස්ථා 14කදී රටගොස් ඇති බවයි.

එසේම විදෙස් සංචාර සඳහා ජනපතිවරයා මිලියන 200ක මුදලක් ඉල්ලා ඇති බවට ද ඒ මහතා චෝදනා කළේය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

මේ අතර, මාධ්‍ය වාර්තා කර ඇත්තේ වික්‍රමසිංහ මහතා මෙසේ විදෙස්ගතව ඇත්තේ 18 වැනි වතාවට බවයි.

ඒ මහතා මීට පෙර අවස්ථා තුනකදී මහා බ්‍රිතාන්‍යටත්, ජපානයට හා සිංගප්පූරුවට අවස්ථා දෙකකදීත්,චීනය, කියුබාව, ඊජිප්තුව, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, මාලදිවයින, පිලිපීනය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යට එක් වතාව බැගින්ද ගොස් තිබේ.






Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top