පොහොට්ටු ජාතික සංවිධායක ධූරය DPට

New Day
0
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජාතික සංවිධායක ධූරය ප්‍රකට ව්‍යාපාරික ධම්මික ‌පෙරේරා මහතාට ලබාදෙන්නයි එහි ක්‍රියාකාරීන් පිරිසක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඔවුන් පෙන්වා දී ඇත්ත‌ේ බැසිල් රාජපක්ෂ මහතාගෙන් හිස්වූ මන්ත්‍රී පුටුව සඳහා ද මීට පෙර නම් කෙරුණේ ඒ මහතා බැවින් ඒ සඳහා සුදුසුම අය ඔහු බවයි.

එසේම ඔහුගේ ඩීපී එඩියුකේෂන් මේ වන විට ගම් මට්ටමින් හොඳ ප්‍රගතියක් ලබා ඇති බවත්, ඔහු මේවන විට ගම තුළද ප්‍රසිද්ධ අයෙක් බවත්, ඔවුන් පෙන්වා දී ඇත.

පොහොට්ටුවේ ඡන්ද මෙෂිම ලෙස විරුදාවලිය ලබා සිටින බැසිල් රාජපක්ෂ මහතාගේ සහය ලබා ගැනීමට හැකි අයකු ජාතික සංවිධායක ධූරයට පත් කිරීම ඉදිරි මැතිවරණ ජය ගැනීමට වඩාත් වාසිදායක වන බවද ඔවුන් පෙන්වා දී ඇත.

මේ අතර, අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයාට ජාතික සංවිධායක ධූරය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයන් ලෙස හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, පර්ලිමේන්තු මන්ත්‍රිවරු වන නාමල් රාජපක්ෂ හා ධම්මික පෙරේරා ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top