යාචකයන්ගේ වැඩිවීමක්

New Day
0


නගර සභා
, මහ නගරසභා 65ක් තුළ මෑතකදී කරන ලද යාචකයන් පිළිබඳ සිදු කළ සමීක්ෂණයකදී කොළඹ ප්‍රදේශයට පැමිණ ඇති යාචකයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බව අනාවරණය වී ඇත.

, අනුව 1003 පමණ යාචකයන් ප්‍රමාණයක් අලුතින් එක් වී ඇති අතර මේ වන විට අදාළ නගර සභා මහ නගරසභා ආසන්නයේ සිටින යාචකයන් සංඛ්‍යාව 3,661කි.

සමාජසේවා දෙපාර්තමේන්තුව අනාවරණය කරන පරිදි එම සංඛ්‍යාව අතරින් බස්නාහිර පළාතේ පමණක් යාචකයන් 1,618ක් සිටින බවයි වාර්තා වේ.

පසුගිය කොරෝනා වසංගතයෙන් පසු ඇතැම් පවිත්‍රතා ආයතන වැසී යෑමත් සමග එම ආයතන සේවක පිරිස්ද යාචකයන් අතරට එක්ව ඇති බවට තොරතුරු හෙළි වී ඇති අතර කොළඹ විදුලි සංඥා පුවරු අසල සිටින යාචකයන් වැඩි දෙනකු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව ද සොයාගෙන තිබේ.

කෙසේ වෙතත් යාචකයන් පුනරුත්ථාපනය කිරීම සඳහා දැනට පිහිටුවා ඇති රිදීගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 500කට අධික පිරිසකගෙන් පිරී පවතින අතර මෙතෙක් එහි පාලනය දකුණු පළාත් සභාව විසින් සිදුකළ නමුත් එය ලබන ජනවාරි 02 වැනිදා සිට මධ්‍යම රජය යටතට ගන්නා බව සඳහන් වේ.   

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top