යාපනයේ අතරමං වූ හරිහරන්

New Day
0


යාපනයේ ප්‍රසංගයක් සදහා පැමිණ සිටින දකුණු ඉන්දීය සුපිරි ගායක හරිහරන් ඇතුළු ගායක ගායිකාවන් 11 දෙනෙකු යාපනයේ අතරමංව ඇති සිද්ධියක් වාර්තා වේ.

මේ මස 21වැනිදා යාපනයේ මූරාවේලී ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ සංගීත ප්‍රසංගයකට සහභාගී වීම පිණිස මේ කණ්ඩායම පැමිණ සිටි අතර ධාරානිපතා වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රසංගය අවලංගු කිරීමට සංවිධායකවරු අද (17) තීරණය කර ති‌බේ.

එබැවින් හරිහරන් ඇතුළු පිරිස ආපසු දකුණු ඉන්දියාවට යැවීමට සංවිධායකයෝ තීරණය කොට ඇත.

නමුත් ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන්ද අයහපත් කාලගුණික තත්ත්වය මත සීමා වී ඇති හෙයින් හරිහරන් ඇතුළු ගායක ගායිකාවෝ ද සංවිධායකයෝ ද දැඩි ප්‍රශ්නයකට මුහුණ පා සිටින බව වාර්තා‌ වේ.

(දිනමිණ)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top