උතුරු දුම්රිය මාර්ග නවීකරණය ජනවාරියේ..

New Day
0


උතුරු දුම්රිය මාර්ග නවීකරණ කටයුතු හේතුවෙන් කොළඹ කොටුවේ සිට යාපනය සහ කන්කසන්තුරය අතර දුම්රිය සේවා තාවකාලිකව නතර කිරීමට සිදුවෙන බව දුම්රිය සේවය නිවේදනය කරයි.

උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස මහව සහ අනුරාධපුරය අතර මාර්ග නවීකරණ කටයුතු 2024.01.07 දින ආරම්භ කිරීම හේතුවෙන් ජනවාරි 07 වනදා සිට මාස 06ක කාලසීමාවක් සඳහා තාවකාලිකව මහව සහ අනුරාධපුර අතර දුම්රිය ධාවනය සිදු නොවේ.

මේ අනුව ජනවාරි 07 සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කොළඹ කොටුවේ සිට මහව දක්වා පමණක් සහ කන්කසන්තුරයේ සිට අනුරාධපුරය දක්වා පමණක් ක්‍රියාත්මක වෙයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top