දිලිත්ගේ කොටස් ඇති අවන්හල අද ජනපති අතින් විවෘත වෙයි

New Day
0

දකුණු ආසියාවේ උසම අවන්හල ලෙසින්, කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ පිහිටි ‘Blue Orbit’ අවන්හල ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (09) විවත කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය කොළඹ නෙළුම් කුළුණ කළමනාකාරීත්වය සහ සිට්‍රස් ලෙෂර් පීඑල්සී (Citrus Leisure PLC) හි හවුල් ව්‍යාපාරයකි.

සිට්‍රස් ලෙෂර් පීඑල්සී (Citrus Leisure PLC) හි සභාපතිත්වය ප්‍රෙම් කොරයා විසින් දරණ අතර එහි අධ්‍යක්ෂවරයකු ලෙස ඉදිරි ජනපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට සුදානමින් සිටින දිලිත් ජයවීර මහතා ද ඇතුළත්ව සිටි.

එසේම, ජයවීර මහතාගේ දෙරණ රූපවාහිනියේ හවුල්කාරිය වන වරුණි ප්‍රනාන්දු මහත්මියද එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටීම විශේෂිතය.

ඇය හිටපු ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතාගේ බිරියයි.

වරුණි අමුණුගම මහත්මියගේ ඥාති සොයුරු ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා‌ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 06 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී සිට්‍රස් ලෙෂර් පීඑල්සී (Citrus Leisure PLC) සමාගම  කියා සිටියේ නෙළුම් කුලුන පරිශ්‍රයේ 26 වැනි මහලේ පිහිටි උත්සව ශාලාවේ (Banquet Hall) සහ 27 වෙනි මහලේ පිහිටි කැරකෙන අවන්හලේ (Revolving Restaurant) කළමනාකාර කටයුතු සිය සමාගම විසින් සිදුකරනු ලබන බවයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top