වියරු වැටුනු මහාචාර්යවරයා

New Day
0


ඇමරිකානු උසස් අධ්‍යාපන ආයතනයක හිටපු මහාචාර්යවරයකු විසින් ඊයේ (07 දා) ලොස් වේගාස් හි නෙවාඩා විශ්වවිද්‍යාලයේදී සිදු කළ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

වෙඩි තැබීම පිළිබඳව සැල වීමත් සමගම සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණි විශ්වවිද්‍යාලයට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් වෙඩික්කරුට වෙඩි තබා මරා දමා තිබේ.

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී නෙවාඩා විශ්වවිද්‍යාලයේ ශාලාවක සිසුන් පිරිසක් විවිධ ක්‍රියාකාරකම් සඳහා රැස්ව සිට ඇති අතර විශ්වවිද්‍යාල පොලිසිය විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී වෙඩික්කරුට වෙඩි තබා මරා නොදැමූවේ නම් ඔහු විසින් තවත් පිරිසකට වෙඩි තබා ඝාතනය කිරීමට ඉඩ තිබූ බව ප්‍රවෘත්ති සාකච්ජාවක් කැඳවමින් ලොස් වේගාස් හි ප්‍රධාන පොලිස් පරීක්ෂක කෙවින් මැක්මහිල් පවසා තිබේ.

මෙම වෙඩි තැබීමට මුල් වූ හේතුව හෝ වෙඩික්කරුගේ මානසිකත්වය පිළිබඳව තොරතුරු අනාවරණය වී නොමැති අතර අදාළ මහාචාර්යවරයා ජෝර්ජියා හා උතුරු කැරොලිනා යන ප්‍රාන්තවල විදුහල්වල සේවය කර ඇතත් වෙඩි තැබීම සිදු වූ නෙවාඩා විශ්වවිද්‍යාලයට ඔහුගේ ඇති සබඳතාව හෙළි වී නොමැත.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය හේතුවෙන් කම්පනයට පත් සිව්දෙනකු ද ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ. වෙඩික්කරුට වෙඩි තැබීමේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකුට ද සුළු තුවාල සිදු වී ඇති බව වාර්තා වෙයි.

(දිවයින)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top