ඔස්ට්‍රේලියාවට අධික උෂ්ණත්වයෙන් පීඩා...

New Day
0


ඔස්ට්‍රේලියාවේ විශාල ප්‍රදේශයන් රැසක පරිසර උෂ්ණත්වය ඊයේ (08දා) සිට සෙල්සියස් අංශක 40 ඉක්මවා ඉහළ යමින් පවතින බව එරට මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

දකුණු ඔස්ට්‍රේලියාවේ පිහිටි මරී හෝටලය ආශ්‍රිත ප්‍රදේශයේ උෂ්ණත්වය ඊයේ දිනයේ සෙල්සියස් අංශක 54ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට රටේ සෑම ප්‍රාන්තයකම විශාල ප්‍රදේශ රැසකට අධික උෂ්ණත්වය හේතුවෙන් තාප තරංග (හීට් වේව්) ඇති විය හැකි බවට ඔස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය විසින් අනතුරු ඇඟවිම් නිකුත් කර තිබේ.

අධික උෂ්ණත්වය හේතුවෙන් නියත වශයෙන්ම හටගත හැකි ලැව් ගිනි පැතිරීම වැළැක්වීම සඳහා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ගිනි නිවන හමුදා භටයන් 250 කට අධික පිරිසක් හා බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානා ස්ථානගත කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

රට පුරාම බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය ලබන සතිය වන තෙක්ම සෙල්සියස් අංශක 40 ඉක්මවා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති.

ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය ඊයේ දිනයේ සෙල්සියස් අංශක 45 හා 47 දක්වා ඉහළ යෑමට නියමිතව තිබූ අතර පැයට කිලෝ මීටර් 100 කට අධික වේගයෙන් හමා යෑමට නියමිතව ඇති තද සුළං හේතුවෙන් ඇවිලෙන ලැව්ගිනි නිවා දැමීම අපහසු වනු ඇතැයි බලධාරීහු පවසති.

ඇතැම් ප්‍රාන්තවල පාසල් හා පෙර පාසල් පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයකින් ඊයේ උදෑසනින් අවසන් වූ පැය 24ක කාලසීමාව තුළ විදුලිය කෙටීම් 30,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබිණි.

(දිවයින)

 

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top