නීති විද්‍යාලයට රජයෙන් ඉඩමක්

New Day
0


ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය සතු ඉඩමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා  මෙම එකඟතාවට එළැඹිණි.

2024 වර්ෂයට වසර 150ක් සපිරෙන ශ්‍රී ලංකා නීති විද්‍යාලය මඟින් ජනාධිපතිවරුන් තිදෙනෙකු බිහි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ලබාදීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පැවසීය.

නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීමට අදාළ සැලසුම් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් අතර මුල් අදියර සඳහා පර්චස් 40ක බිම් කොටසක් වෙන් කිරීමටත්, අදාළ සැලැස්මට  අනුව අවශ්‍ය ඉතිරි ඉඩම් ප්‍රමාණය අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ලබා දීමටත් උපදෙස් දුන්නේය.

(ලංකාදීප)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top