ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම මියයයි

New Day
0

ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මිය යනවිට 77 වැනි වියේ පසූ විය.

සම්මානනීය අධ්‍යක්ෂ 'තිස්ස අබේසේකර' මහතා අධයක්ෂණය කළ 'කරුමක්කාරයෝ' චිත්‍රපටයේ 'බේබි මහත්තයා'ගේ චරිතය රඟපාමින් ඔහු රංගන ක්ෂේත්‍රයට පිවිසියේ 1980 වර්ෂයේ දී ය.ඔහු ජනතාවට වඩාත් සමීපවූයේ "බට්ටි" ටෙලි නාට්‍යයේ ආටි හාමුගේ චරිතය රඟපාමිණි.

ධර්මසේන පතිරාජ මහතා අධ්‍යක්ෂණය කළ 'ගඟුලෙන් එගොඩට' ඔහුගේ මුල්ම ටෙලි රංගනය බව පැවසේ.

'ඇල්ල ළඟ වලව්ව'(1988) ටෙලි නාට්‍යයේ 'ආතර් හාමු' ලෙස ඔහු මතකයේ රැඳුන රංගනයක් නිරූපණය කළේය.

ගාමිණී ෆොන්සේකා මහතාගේ ‘සක්විති සුවය’ සහ ‘සාගරයක් මැද’, ධර්මසේන පතිරාජ මහතාගේ ‘සොල්දාදු උන්නැහේ’ සහ ‘සක්කාරං‘, ලලිත් පන්නිපිටිය මහතාගේ ‘සංගිලි‘, ජී නන්දසේන මහතාගේ ‘දෙවැනි වරම‘ ඔහු රංගනයෙන් දායකවූ විශිෂ්ට නිර්මාණ අතරින් කිහිපයකි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top