සාගලට තවත් තනතුරක්, සහයට කාංචන, සේමගේ හා දිලුම්

New Day
0

ජනාධිපති කාර්යාලයේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස නිහාල් රණසිංහ මහතා පත්කෙරෙනු ඇතැයි වාර්තා වේ.

රණසිංහ මහතා මෙම තනතුරට පත් කෙරෙන්නේ වත්මන් කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත්වීමෙන් අනතුරුව බව සඳහන්ය.

නිහාල් රණසිංහ මහතා දැනට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ධූරය දරයි.

ඊට පෙර ඔහු ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා වශයෙන් ක්‍රියා කළ ප්‍රවීණ පරිපාලන නිලධරයෙකි.

කෙසේවුවද, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ජනවාරි 2වැනි සතියේ සිට ආරම්භ කිරීමට සූදානම්වන බව පැවසේ.

මේවන විට වික්‍රමසිංහ මහතාගේ ජනපති ප්‍රචාරණ කටයුතු වල ප්‍රධාන චරිත ලෙස කාංචන විජේසේකර, දිලුම් අමුණුගම හා ෂෙහාන් සේමසිංහ කටයුතු කරනු ඇතියි ද මේ අතර වාර්තා වේ.

වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුමේ පුරෝගාමී චරිත පිළිබඳ නම් මෙලෙස හෙළිදරව් වී තිබුණ ද ඒ පිළිබඳව නිල තහවුරු කිරීමක් මේ දක්වා සිදුවී නොමැත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top