චීන මස් තොගයට වැට

New Day
0


සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව උත්සව සමයේ මෙරට වෙළෙඳ පොළට නිකුත් කිරීමට චීනයේ සිට මෙරටට ආනයනය කර තිබූ විවිධ මස් වර්ග කිලෝ 3239ක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මාංශ තොගයට තාරා මස් කිලෝග්‍රෑම් 2560, කුකුල් මස් කිලෝග්‍රෑම් 171ක්, තායිවාන් ග්‍රිල් සොසේජස් කිලෝග්‍රෑම් 56ක්, තාරා ඔලු කිලෝග්‍රෑම් 132ක්, ඌරු මස් කිලෝ 12ක්, කුකුලු තටු කිලෝ 20ක් සහ ස්විට් කෝන් රෝල් සොසේජස් කිලෝ 288ක් ඇතුළත් වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සොසේජස් ඇතුලු ශීතකළ මස් නිෂ්පාදන තොගය ඊයේ (27) විනාශ කිරීමට කටයුතු කළ බව පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සංජික පෙරේරා පවසයි.

මෙම මස්වල සූකර උණ වෛරසය පැවතිය හැකි බව විශ්වාස කෙරෙන අතර මෑතකදී වියට්නාම කෘෂිකාර්මික ඇකඩමියේ මහාචාර්යවරුන් කරනා ලද පරීක්ෂණයකට අනුව සූකර උණ මිනිසුන්ට කෙළින්ම බලනොපනා මුත් එමගින් එය ගොවිපොළ සතුන් අතර වසංගත මට්ටමින් පැතිර යා හැකි බව සදහන් වේ.

යම් හෙයකින් මෙවන් වෛරසයක් ශ්‍රී ලංකාව තුළ පැතිර ගියේ නම් එමගින් මෙරට ඌරු ගොවිපොළ සම්පූර්ණයෙන් විනාශව යෑමේ අවදානමක් තිබූ බව බලධාරීහු පවසති.

(Ceylon Wire News)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top