කාගිල්ස් ෆුඩ් සිටියෙන් නත්තලට පරණ චීස් දීලා; PHI ලා ඇල්ලුවොත් අසේල නිරුවත්

New Day
0
කාගිල්ස් ෆුඩ්සිටි (Cargills FoodCity) සුපිරි වෙළඳසැල් ජාලයේ පාර්ක් රෝඩ් හි ශාඛාවෙන් අද (25) නත්තල් දිනයේදී කල් ඉකුත් වූ කොත්මලේ චීස් රෝලක් විකිණීමේ සිද්ධියක් වාර්තා වේ.

මෙම චීස් වර්ගය නිශ්පාදනය කරනු ලබන්නේද කෝටිපති ව්‍යාපාරික රංජිත් පේජ් මහතාගේ කාර්ගිල්ස් සමාගමින්ම වීම විශේෂ සිද්ධියකි.

මේ තොරතුරු අනාවරණය කර ඇත්තේ අසේල සම්පත් මහතා නායකත්වය දරණ ජාතික පාරිභෝගික පෙරමුණ විසිනි.

ඒ මහතා සටහනක් තබමින් කියා සිටින්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙවැනි විශාල සුපිරි වෙළඳසැල් වැටලීම මඟහරින බවයි.

ඔහු එසේම 1980 ආහාර පනත යල්පැන ඇති බවටත් ඉඟි කරන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ සුපිරි වෙළඳසැලට ගොස් වැටලීමක් සිදු කළහොත් තමා නිරුවතින් නාරාහෙන්පිට හංදියේ සිටින බවට ද අභියෝගයක් කර තිබේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top