බිත්තර හිඟය ඇමති හා ආසිරිලා ඇති කළේ හිතාමතා ද?

New Day
0

බිත්තර හිඟයට වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා වගකිවයුතු බවට ජනතාවගෙන් මේවන විට චෝදනා එල්ලවෙමින් පවතී.

බිත්තරයක තොගමිල පසුගිය දිනවල රුපියල් 60 දක්වා ඉහල ගොස් තිබුණු අතර එසේ බිත්තර මිල අසීමිතව ඉහල ගොස් ඇත්තේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ අධි ශීතකරණ තුළ බිත්තර තිබියදී බව මේවන විට හෙළිව තිබේ.

මේ බව හෙළිවූයේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ලංකා සතොසට නිකුත් කරන ආනයනය බිත්තර ප්‍රමාණය ඊයේ (13) සිට ලක්ෂ 20 දක්වා වැඩි කිරීමට කටයුතු යොදන බවට මාධ්‍යට කළ ප්‍රකාශයත් සමඟය.

මෙතෙක් සතොසට නිකුත් කරනු ලැබුවේ බිත්තර ලක්ෂ 10 බැගින් බවත් ඔහු එහිදී කියා සිටි අතර දේශීය බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීමත් නත්තල් සමයේ ජනතාවට අවශ්‍ය බිත්තර හිගයකින් තොරව ලබා ගැනීමට හැකි වන පරිදි සතොසට නිකුත් කරන බිත්තර ප්‍රමාණය වැඩි කළ බවද කීය.

මේ අතරම ඔහු කියා සිටියේ මේ මාසයේදී ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ 300 ක් ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර ලැබී තිබෙන බවත්ය.

එසේ බිත්තර ආනයනට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර ලැබී තිබුණේ නම් ඔවුන් බිත්තර හිඟයක් එන තෙක්ම බිත්තර නොගෙනාවේ මන්ද යන්න පිළිිබඳව එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ විමසා සිටී.

පෙරේදා (12) බිත්තර ලක්ෂ 100 ක් ලැබුණු බවත් සභාපතිවරයා පැවසූ අතර ආනයනික බිත්තර ලක්ෂ 70 ක් සංස්ථාවේ ශීතාගාරවල ගබඩා කර ඇතැයි ද ඔහු කීය.

එසේම පියවර ක්‍රියාත්මක කෙරෙන්නේ වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි යැයිද කීය.

තවත් බිත්තර මිලියන 15ක් ඇනවුම් කරලා

මේ අතර අද (14)  රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව නිවේදනය කළේ තවත් ආනයනික බිත්තර මිලියන 15ක් ඇණවුම් කළ බවයි.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, ලබන සඳුදා එම බිත්තර ලංකාවට ලැබීමට නියමිත බවය.

ආනයනය කරන ලද තවත් බිත්තර මිලියන 10ක්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තා ලබා ගැනීමට නියමිත වේ.

ඒවායේ වාර්තා ලබන සෙනසුරාදා ලැබීමට නියමිත බවද පැවසේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top