අද (15) සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්දන රාජකාරි වලින් ඉවත්වීමට තීරණය කර තිබේ.
ප්‍රවාහන දීමනා
වැඩි නොකිරීම ඇතුළු වෘත්තිය ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා ඔවුන් මෙම ක්‍රියාමාර්ගය
ගෙන ඇත.
ඒ පිළිබඳව සහ
ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත
ලිපියක් මඟින් දැනුම්දී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන්
කරයි.