සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනයක්..

New Day
0


2024 අයවැය යෝජනාවල දැක්වෙන ආකාරයෙන් සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පවසයි.

මත්පැන් නිෂ්පාදනාගාර ආශ්‍රිතව පවතින ඉතාමත් අඩු ගාස්තු ප්‍රමාණයන් සැලකියයුතු මට්ටමකින් වැඩි කිරීමටත්, නිසි පිළිගත් ආයෝජන හැකියාවකින් යුක්ත පිරිසට පමණක් මත්පැන් කර්මාන්තයේ නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව ලබාදීමටත් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව ඒ මහතා ප්‍රකාශ කරයි.

එසේම සුරාබදු බලපත්‍ර විවෘත කර තැබීමේ කාලසීමාවන් කාලානුරූපීව සංශෝධනය කිරීමටත් බලාපොරොත්තු වන බව සුරාබදු කොමසාරිස් ජනරාලවරයා වැඩිදුරටත් සදහන් කරයි.


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top