කැබිනට් අනු කමිටුවෙන් ICC‍යට ඉල්ලීමක්

New Day
0


ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අද (17) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත්කළ කැබිනට් අනුකමිටුව විසින් අදාළ ඉල්ලීම සිදුකළ බව ඔහු ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් යුතුව එම කැබිනට් අනුකමිටුව පත් කළ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමටද එම අනු කමිටුවට බලය පවරා ඇත.

 

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top