ශ්‍රී ලංකාවට තවත් අන්ත පරාජයක්

New Day
0


2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති මූලික වටයේ 33 වන තරගයෙන් ලකුණු 302  දැවැන්ත ජයක් හිමිකරගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 357 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Shubman Gill ලකුණු 92 ක්, Virat Kohli ලකුණු 88 ක් හා Shreyas Iyer ලකුණු 82 ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මදුෂංක කඩුලු 5 ක් හා දුෂ්මන්ත චමීර එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 55 කි.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත ලකුණු 14 ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 12 ක් හා, මහීෂ් තීක්ෂණ ලකුණු 12 ලබාගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙක් ලකුණු 2 ක් හෝ ලබා ගැනීමට සමත් නොවීම විශේෂත්වයකි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top