පොහොට්ටුවේ 7වැනි සංවත්සරය අද

New Day
0


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හත් වැනි සංවත්සර සැමරුම අදට (03) යෙදී තිබේ.

ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් එම පක්ෂයේ සංවත්සර සැමරුම බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන බව වාර්තා වේ.

ප්‍රධාන උත්සවය පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.

ඒසේම, අද රාත්‍රියේ මහා සංඝරත්නය සියක් නමක් සහභාගිත්වයෙන් පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර හෙට (04) මහා සංඝරත්නය විෂයෙහි දානමය පින්කමක් පැවැත්වේ.

මේ අවස්ථාවට මැති ඇමැතිවරු, පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් ඇතුළු විශාල පිරිසකට ආරාධනා කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top