බදුවලට චෙරියෝ කියා යළිත් සීනි බදු හොරකමක් ?

New Day
0


සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද වැඩිකර තිබේ.

මුදල් අමාත්‍යංශය පැවසුවේ සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවයි.

එය අද (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මක වන බව සඳහන් ය.

මේ අතර, මෙරට සිටින මහා පරිමාණ සීනි ආනයනකරුවෙකු මීට දින කිහිපයකට පෙර සීනි මෙට්‍රික් ටොන් 18,000ක් අඩංගු නෞකාවක් කොළඹ වරායට ගෙනවිත් තිබේ.

අදාළ නෞකාවේ තිබුණු සීනි මෙට්‍රික් ටොන් 18,000 මේ වන විට වරායෙන් එළියට ගෙන අවසන් වෙමින් තිබෙන අතර, එවැනි තත්ත්වයක් තුළ රජය විසින් ඊයේ දින සිට බලපැවැත්වෙන පරිදි සීනි සඳහා රුපියල් 50ක බද්දක් නියම කිරීම කතාබහට ලක්වන මාතෘකාවක් නිර්මාණය කර ඇත.

මේ අනුව අදාළ බද්ද සීනි මෙට්‍රික් ටොන් 18,000 මෙරටට ආනයනය කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාට බල නොපාන බව රේගු ආරංචි මාර්ගවලින් වාර්තා‌ වේ.

මීට පෙර අපේ රටේ වාර්තා වූ මහා පරිමාණ සීනි බදු වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයාම මෙම සීනි තොගය මෙරටට ආනයනය කර ඇති බවට මේවන විට සැකයක් මතුව තිබේ.

අදාල ව්‍යාපාරිකයා සීනි මෙට්‍රික් ටොන් 18,000 ආනයනය කර අවසන් වූ පසුව රජය විසින් මෙම රුපියල් 50ක බද්ද නියම කිරීමෙන් අදාළ සීනි ව්‍යාපාරිකයා සහ රජයේ ඉහළ ප්‍රධානීන් අතර යම් ගනුදෙනුවක් ඇත්ද යන්න පිළිබඳව සැක මතුව තිබේ.

මේ අනුව හෙට අනිද්දා වන විට ම මෙරට සීනි මිල නව බද්දත් සමඟ රුපියල් 50කට වඩා වැඩි අගයකින් ඉහළ යනු ඇති බවත්, එමගින් මෙම සීනි තොගය ආනයනය කළ ව්‍යාපාරිකයාට විශාල ලාභයක් උපයා ගැනීමට ද හැකි වනු ඇතැයි වෙළඳපළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙවැනිම බදු වංචාවක් සම්බන්ධයෙන් පිරමීඞ් විල්මා ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගමට මීට පෙර චෝදනා එල්ල විය.




















Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top