තරගාවලිය හොඳින් අවසන් කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් කණගාටු වෙනවා - කුසල්

New Day
0


2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) අලුයම 05.05ට දිවයිනට පැමිණ ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිහිප දෙනෙකු ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ තිබූ අතර  මොවුන් වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබුණි

දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නායක කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කර ඇත්තේ තරග ජයග්‍රහනය සදහා සියලු දෙනාගේ සහයෝගය තමාට ලැබුණු බවත් තරග ජයග්‍රහණය කිරීම හා පරාජය වීම පාලනය කළ නොහැකි දෙයක් බවත් තරගාවලිය හොඳින් අවසන් කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් තමා කණගාටු වන බවත් ය.

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 9 කින් ජය ගැනීමට හැකියාව ලැබුණේ තරග 2 ක් පමණි.









Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top