යල කන්නයේ කුඹුරු වලට ගංවතුර

New Day
0


පසුගිය යල කන්නයේ වගා කරන ලද කුඹුරු  දැනට මාස එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ඇද හැලෙන වැසි සහ ගංවතුර නිසා අස්වනු නෙලීමට ආසන්නව තිබූ කුඹුරු අක්කර  11,757 විනාශ වී ඇතැයි කෘෂිකර්ම  අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම වැසි තත්ත්වය ඇති වීමට පෙර පැවති නියඟය නිසා  කුඹුරු අක්කර 64,088ක වගා හානි වාර්තා විය.

නියඟය නිසා සිදුවූ වගා හානි වලට පළමුවෙන්ම වන්දි දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතාට උපදෙස් දී ඇත.

අදාල වන්දි මේ වසරේ ම ලබා දෙන ලෙසත් රජයෙන් මුදල්  ලැබීම ප්‍රමාද වුවහොත් මණ්ඩලය සතු මුදල් වලින් හෝ එම වගාහානි වන්දි ගෙවීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top