කුකුළු මස් සදහා පාලන මිලක් ?

New Day
0


මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ නත්තල් සහ අලුත් අවුරුදු සමයේ කුකුළු මස් මිල ඉහළ දැමීමට වෙළඳුන් කටයුතු කළහොත් ඒ සඳහා පාලන මිලක් පැනවීමට කටයුතු කරන බවයි.

තවද මෙවර උත්සව සමයේදී බිත්තර මිලෙහි ඉහළ යාමක් අපේක්ෂා නොකරන බවද වෙළඳ අමාත්‍යවරයා පැවසීය.

ධීවර, පශු සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශවල නිෂ්පාදන ප්‍රමාණයන් පිළිබදව සංඛ්‍යාත්මක දත්ත ලබාගෙන ඉදිරියේ එම නිෂ්පාදනයන් සම්බන්ධයෙන් පුරෝකතනයන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

(අරුණ)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top