සෞඛ්‍ය සහ සරසවි අද සංකේත වැඩ වර්ජනයක

New Day
0


දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පවසයි.

සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම යම් මට්ටමකින් හෝ සමනය කිරීම සඳහා වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය අපොහොසත් වීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදු කරන බව එම සංගමය නිවේදනය කර ඇත.

ඒ අනුව ඌව පළාත තුළ අද පෙරවරු 08.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබාදෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් අද දින රජයේ සියලු විශ්වවිද්‍යාලවල සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.

දිවයින

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top