දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක්

New Day
0


අබිරහස් ලෙස මිය ගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබී ය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ,  දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බව ඔහුගේ මරණයට හේතුව සොයා බැලීම සඳහා පත් කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ සාමාජිකයින්ගෙන් සිව් දෙනෙකු නිගමනය කර ඇති බවයි.

ගෙළ ප්‍රදේශයට සහ මුහුණට ඇති කරන ලද පීඩනයක් මගින් ඔහු ඝාතනය කර ඇති බවට අදාළ කමිටුව ප්‍රකාශ කර ඇතැයි මහේස්ත්‍රාත්වරිය පැවසීය.

ඒ අනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉරිදිපත් කරන ලෙස ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කරන ලදී.

ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවේ මුද්‍රා තැබූ වාර්තාව වෛද්‍යවරුන් විසින් ඊයේ(1) අධිකරණයට භාර දී තිබිණි.

මව්බිම



Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top