තරුණියන් දෙදෙනෙකුට මරු කැදවූ නාය යෑම

New Day
0


අද (22) හවස හාලිඇල උඩුවර 6 කනුව කැන්දගොල්ල පතන ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඒ ආශ්‍රිත නිවසක වාසය කළ තරුණියන් දෙදෙනෙකු නාය යෑම හේතුවෙන් අනතුරට පත් විය.

තුවාල ලැබූ එම තරුණියන් දෙදෙනා, බදුලු මහ රෝහලට ඇතුළත් කළ අතර  රෝහල්ගත කිරිමෙන් අනතුරුව ඔවුන් ජිවිතක්ෂයට පත් විය.

මෙසේ මියගොස් ඇත්තේ හාලිඇල උඩුවර 6 කනුව කැන්දගොල්ල පතන ප්‍රදේශයේ පදිංචි ව සිටි ඒ.කීර්තිනා (21) සහ තවත් 22 හැවිරිදි තරුණියකි.

පවතින අධික වර්ෂාවත් සමග මෙම තරුණියන් දෙදෙනා නිවසේ නිදනකාමරයේ ඇදක් මතට වී සිටියදී පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ එක්වරම නිවස මතට පස්කන්දක් කඩා වැටී මොවුන් දෙදෙනා ඊට යට වී ඇති අතර , පසුව නිවැසියන් නිවසට පැමිණ බැලීමේදී නිවසේ නිදනකාමරයට පස්කන්දක් කඩා වැටී කාමරය පස්වලින් වැසී තිතිබෙන අයුරු දැක ඇතැයි පොලිස් සදහන් කළේය.

කෙසේ වෙතත්, මෙම අනතුර සැලවූ වහාම පොලිසිය හා හමුදාව එක්ව අනතුරට පත් දැරියන් දෙදෙනා බේරාගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ ය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top