දුම්රිය ධාවනයේ සීමා කිරීමක්

New Day
0


මේ වනවිට මධ්‍යම කඳුකරයේ පවතින අධික වර්ෂාව සමඟ උඩරට දුම්රිය මාර්ගයේ, ස්ථාන කිහිපයක්  කඳු නායායෑම් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

මේ හේතුවෙන් බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය සියල්ල නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමට තීරණය කර ඇත.

මෙය හෙට (23) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම අද (22) දින රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල හා බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් දෙක අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග උඩරට දුම්රිය මාර්ගයේ නායයෑම් සහ ගල් පෙරළීම් සිදුවන බැවින් මෙම තීරණය ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top