තැඹිලි අපනයනය ඉහළට

New Day
0


ලංකාවේ තැඹිලි වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ  ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමග 2023 වසරේ තැඹිලි අපනයනය සියයට 117කින් ඉහල ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් සමග මෙරට පොල්  වගාව සංවර්ධනය සඳහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග හා මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළේය.

2022 වසරේ තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර ඇති අතර ඉන් රුපියල් මිලියන 110ක ආදායමක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම වසර තුළ මෙතෙක් අපනයනය කර ඇති තැඹිලි ගෙඩි ප්‍රමාණය මිලියන 14ක් බවත් ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 140ක් බව එම අධිකාරිය සඳහන් කරයි.

තැඹිළි වගාවට උචිත ප්‍රදේශයක් හදුනාගෙන එම ප්‍රදේශය තැඹිළි වගා අපනයන ආදර්ශ ගම්මානයක් ලෙස නම් කර තැඹිළි වගාව ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් ලබන වසර තුළ ආරම්භ කිරීමට මෙන්ම ඉහළ රසයකින් යුක්ත හා ආකර්ශණීය හා කෙටි කළකින් ඵල දරණ නව තැඹිළි විශේෂයක් හඳුන්වා දීම සඳහා පර්යේෂණ ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනයට උපදෙස් දී ඇත.

දිනමිණ

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top