ඔක්තෝබරයේ රේගු ආදායම වාර්තා ගත ලෙස ඉහළට

New Day
0


ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වැඩිම රේගු ආදායම පසුගිය ඔක්තෝබර් මාසයේ දී ලබාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සීවලී අරුක්ගොඩ මහතා සදහන් කරයි.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාසයේදී රේගුව රුපියල් බිලියන 109ක ආදායම ලැබූ බව ඒ මහතා ප්‍රකාශ කරයි.

රේගුව බදු රැස් කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම මෙලෙස රේගු බදු ආදායම ඉහළ යාමට හේතු වූ බව ද මෙම වසරේ අපේක්ෂා කරන රේගු ආදායම රුපියල් බිලියන 925 ක් බවද රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා සදහන් කළේය.

මෙම වසරේ මෙතෙක් ලැබූ රේගු ආදායම රුපියල් බිලියන 760කී.

දිනමිණ

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top