පාසලේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටී සිසුවියක් මියයයි.

New Day
0

වැල්ලම්පිටිය-වේරගොඩ විදුහලේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටී 01 ශ්‍රේණියේ සිසුන් 6 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මෙම අනතුරින් බරපතල තුවාල ලබා සිටි එක් සිසුවියක් රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග මගින් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ වැල්ලම්පිටියේ පදිංචි ෂෙහන්සා නිත්සරණි නමැති හය හැවිරිදි දැරියකි.

මියගිය ෂෙහන්සාගේ හය වන උපන්දිය ද අදට යෙදී තිබූ අතර පාසලේ සිය මිතුරන් සමග කේක් කැපූ ෂෙහන්සා අත සේදීම සඳහා ජල කරාමයට අසලට ගිය අවස්ථාවේ මෙම අනතුරට පත්ව ඇතැයි පාසල් ආරංචි මාර්ග කියයි.

අනතුරින් තවත් සිසුවියන් 05 දෙනෙක්  තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි. 
















Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top