රටවිරු විදුලි කාර් කෝටාව ‌හොරා කෑම නිසා නවතියි?

New Day
0

විදේශගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ගෙන්වීමට 2022 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය අවභාවිත කර ඇති බවට චෝදනා එල්ලවීම නිසා එසේ විදුලි වාහන ගෙන්වීමට තවදුරටත් අවස්ථාව දෙන්න‌ේද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහා භාණ්ඩාගාරයට පවරා ඇතැයි වාර්තා වේ.

ජනපතිවරයා මේ තීන්දුව ගෙන ඇත්ත‌ේ මහා භාණ්ඩාගාරය විසින්  අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජනපතිවරයාගේ අවදානය යොමු කිරීමෙන් අනතුරුව බවද  පැවසේ.

ශ්‍රී ලංකා රේගුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයකින් පසුව වාහන ගෙන්වීමට දුන් අවසරය අවභාවිතා කළ බවට තොරතුරු හෙළිකර තිබිණි.

මේ අතර, රේගු ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ අදාළ බලපත්‍ර භාවිතා කර වාහන ගෙන්වූ සමාගම් ඒවා අඩු තක්සේරු කර ගෙන්වීමේ අක්‍රමිකතා සිදුකර ඇති බවට පරීක්ෂණ වලදී හෙළිවී ඇති බවයි.

මේවන විට විදුලි වාහන 119ක් ගෙන්වා ඇති බවත්, ඉන් වාහන 75ක් ගෙන්වා ඇත්ත‌ේ කොට්ටේ පිහිටි එකම ආයතනයක් විසින් බවද මේවන විට හෙළිව තිබේ.

මෙසේ ගෙන්වූ මෝටර් රථ අතර BMW 22ක්, මර්සිඩීස් බෙන්ස් 13ක්, ් 05ක්, ෆ‌ෝඩ් මස්ටෑංග් 06ක්, අවුඩි 04ක්, ටෙස්ලා 04ක්, පර්ජෝ 08ක්, වෝක්ස් වැගන් 22ක් හා නිසාන් වාහන 10ක් ඇති බවද පැසේ.

විදසේගත ශ්‍රමිකයන්ට මේ අවස්ථාව ලබාදෙනු ලැබුවේ පිළිගත් බැංකු මාර්ග හරහා සෘජු විදේශ ප්‍රේෂණ රට තුළට ආකර්ෂණය කර ගැනීම සඳහාය.

දහම් අත්අඩංගුවට ගන්න එපා


මේ අතර,  අදාළ චක්‍රලේඛය ප්‍රකාරව විදුලි වාහන හතක් සම්බන්ධ ලේඛන නීතිවිරෝධී යැයි පවසමින් ඒවා මුදාහැරීම ප්‍රතික්ෂේප කිරීමට රේගුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ඊට අමතරව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාර සමාගම වන Overland Automobile Pvt Ltd කළමනාකාර අධ්‍යක්ෂ දහම් පෙරේරා හෝ සමාගමේ කිසිදු නියෝජිතයකු අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල තවත් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.


Overland Automobile Pvt Ltd 



පෙත්සම්කාර Overland Automobile Pvt Ltd සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ආකාරයෙන් කටයුතු කර ඇති බව පෙන්වාදෙනු ලැබීය.


අදාළ චක්‍රලේඛනය ප්‍රකාරව පෙත්සම්කාර සමාගම විසින් ගෙන්වන ලද විදුලි වාහන හතක් සම්බන්ධ ලේඛන නීතිවිරෝධී යැයි පවසමින් ඒවා මුදාහැරීම ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවලිය නීතියට පටහැනි යැයි තීන්දු කොට එම කටයුතු වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.


මූලාශ්‍රය - ද සන්ඩේ ටයිම්ස්

සබැඳි පුවත්
විදුලි කාර් කේස් එකට අතුරු තහනමක්

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top