ණය පොලී ගෙවීමට අයවැයෙන් 55% ක් වෙන් කෙරේ..

New Day
0


2024 අයවැයෙන් 55% ක් වෙන්කර ඇත්තේ ණය පොලී ගෙවීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ අනුව රුපියල් බිලියන 2500 ක් ණය පොලිය ලෙස ගෙවිය යුතු බවත් රුපියලේ වටිනාකමද ආරක්ෂා කරගත යුතු බවයි උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ(1) පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උත්සවයකට එක්වෙමිනි.

වැට් බද්ද 18%ක් දක්වා වැඩි කිරීමට සිදුවන බවත් මැතිවරණයක් ආසන්නයේ එය සිදුකිරීම අමාරු වුවත් එය සිදු නොකළ හොත් සියලු දෙනාගේම අනාගතය විනාශයට පත් වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පෙන්වා දුනි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top