දිනකට ළමුන් 420ක් මිය යන හෝ තුවාල ලබන ගාසා තීරය

New Day
0


ගාසා තීරයේ සෑම දිනක ම දරුවන් 420කට වැඩි ගණනක් මිය යමින් හෝ තුවාල ලබමින් සිටින බව යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂිකා කැතරින් රසල් ප්‍රකාශ කර තිබේ.

ගත වුණු සති තුනක කාලය තුළ ගැටුම් හේතුවෙන් ළමුන් 3,400කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් 6,300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ඇය සඳහන් කරයි.

මෙය 2019 සිට ලෝකයේ ගැටුම් කලාපවල වාර්ෂිකව මරණයට පත්වන ළමුන් සංඛ්‍යාව ඉක්මවා යන බවත් මිලියන ගණනකගේ ජීවිත රැක ගැනීමට කඩිනමින් සටන් විරාමයකට එළඹිය යුතු බවත් පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය ප්‍රධානී ෆිලිප් ලාසරීනි සඳුදා (ඔක්. 30) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකදී පෙන්වා දී ඇත.

ගාසා තීරය තුළ ළමුන් දහස් ගණනක් මරණයට පත් වීම “නොදැනුවත්කමින් සිදුවන ක්‍රියාවක්” විය නොහැකි අතර ගාසා තීරයේ වෙසෙන සමස්ත ජනගහනය ම මනුෂ්‍යයන් ලෙස නොසැලකෙන තත්ත්වයට පරිවර්තනය වෙමින් පවතින බව ඔහු අවධාරණය කර ඇත.

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ක්‍රියාත්මක යුද්ධ ගැටුම්වලින් ගාසා තීරයේ 8,300කට අධික පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය උපුටා දක්වමින් පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය පවසයි.

මිය ගිය පිරිසෙන් 70%කට ආසන්න ගණනක් කාන්තාවන් සහ දරුවන් බව ත් දස දහස් ගණනක් මේ වන විට තුවාල ලබා ඇති බවත් එම ආයතනය සඳහන් කරයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top