මොහාන්ද සිල්වා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වෙයි

New Day
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇතැයි වාර්තා වේ.

දිගින් දිගටම සිදු වන තරග පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා බලධාරීන්ට විරුද්ධ ව පාර්ශ්ව කිහිපයකින්ම මේ වන විට විවේචන එල්ල වෙමින් පවතියි.

ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව හමුවේ ලැබූ දැවැන්ත පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙම විවේචන එල්ල වන්නට විය.

ඉන්දියාව හමුවේ ලද පරාජයත් සමඟ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද මෙම ගැටලුවට මැදිහත් වූ අතර, බලධාරීන් ඉල්ලා අස් නොවන්නේ නම්, දැඩි තීරණ ගැනීමට ද සූදානම් බව දැනුම් දී තිබිණි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top