පශ්චාත් යුද සමයේ අතෑරුණ කතාව - මනල්

New Day
0


ආචාර්ය විසාසේක චන්ද්‍රසේකරම්ගේ අධ්‍යක්ෂණයක් සහ නිෂ්පාදනයක් වන මනල් සිනමාපටය සීමිත දර්ශන වාර කිහිපයක් තෝරාගත් සිනමාහල්වලදී අද (3) සිට සිංහල, දමිළ , ඉංග්‍රීසි උපසිරැසි සහිතව තිරගත කිරීමට නියමිතය.

පසුගියදා ඇමෙරිකානු තේරී තස්වීර් සිනමා උළෙලේදී Best Narrative Film සම්මානය දිනූ එය, Rotterdam සම්මාන උළෙලේදී ටයිගර් සම්මානය, බෙන්ගලුරු සිනමා උළෙලේදී දෙවැනි හොඳම චිත්‍රපටය, ස්පාඤ්ඤ 22 වැනි ඉමැජින් ඉන්ඩියා උළෙලේ හොඳම චිත්‍රපට ආදී වශයෙන් සම්මාන රැසකට හිමිකම් කියූ චිත්‍රපටයකි.

යුද්ධය අවසානයේ රජයේ හමුදා ග්‍රහණයට පත්වන තරුණයෙකු ඉන් වසර පහකට පසු රැඳවුම් භාරයෙන් නිදහස්ව ඔහුගේ අතුරුදහන් වූ පෙම්වතිය සොයා ගැනීමට වෙහෙසෙන ආකාරයත් , ඒ සඳහා මිත්‍ය විස්වාසයන් පසුපස පවා යන ආකාරයත් හා එහිදී ඔහුට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත සිදුවීම මාලාවත් මෙම කෘතියට තේමා වී ඇත.

ශිවකුමාර් ලිංගේෂ්වරන්, කමලා ශ්‍රී මෝහන් ආදීහු රංගනයෙන් දායක වන මේ සඳහා සහාය අධ්‍යක්ෂණයෙන් ජෙනෝෂන් ජෙයරත්නම්ද, කැමරාකරණයෙන් රිෂී සෙල්වම්ද, අංග රචනයෙන් ජුලියස් ඇන්ඩෘද, කලා අධ්‍යක්ෂණයෙන් චන්න අසංකද, සංස්කරණයෙන් සිතුම් සමරජීව ද දායක වූහ.

නීතීඥවරයෙකු , කථිකාචාර්යවරයකු , සාහිත්‍යධරයෙකු හා කලාකරුවෙකු වූ විසාකේශ චන්ද්‍රසේකරම් ගේ තෙවන සිනමා නිර්මාණය වන මනල් දමිළ සිනමා පටයට ප්‍රථම " සයපෙති කුසුම "( 2016) සහ " පාංශු"( 2020) තිරයට රැගෙන විත් ඇත.












Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top