ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ගත් දරුවන් පස් දෙනෙක් ; විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක්

New Day
0


2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ(16) රාත්‍රීයේ නිකුත් කිරීමට යෙදුනි.

එම ප්‍රතිඵල w.w.w.donets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ඉහළම ලකුණු ලැබූ දරුවන් 05 දෙනෙකු ගැන වාර්තා වී තිබේ.

ඔවුන් ලකුණු 198ක් ලබා ගෙන ඇත.

මෙවර කඩඉම් ලකුණු සීමාව ඉක්මවා ගිය දරුවන්ගේ ප්‍රතිශතය 15.22% වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දේ.

පසුගිය වසරේ එම ප්‍රතිශතය වාර්තා වූයේ 14.64%ක් ලෙසටය.

එමෙන්ම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ලකුණු නැවත පරීක්ෂා කිරීමට අදාල අභියාචනා මෙම මස 27 සිට දෙසැම්බර් 04 දක්වා මාර්ගගත ක්‍රමයට යොමුකළ හැකි බව විභාග කොමසාරිස්වරයා දැනුම් දේ.

එක් එක් දිස්ත්‍රික්කය ට අදාළව සිංහල හා දෙමළ මාධ්‍යවල කඩයිම් ලකුණු පහතින්.



Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top