ඉන්දියාවේදී ලාංකික ව්‍යාපාරිකයෙක් පැහැර ගනී..

New Day
0


ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයෙකු චෙන්නායි හීදි පැහැරගැනීමට ලක්ව ඇත.

පැහැර ගැනීමට ලක් වූ මොහොමඩ් ෂියාම් නමැති 50 හැවිරිදි ව්‍යාපාරිකයා පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

ඊට අදාල කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම ව්‍යාපාරිකයාව නිදහස් කිරීමට නම් ඉන්දීය රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබා දෙන ලෙසට ඇමතුමක් ලබාදුන් බව ව්‍යාපාරිකයාගේ දියණිය විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී පැහැරගැනීමට ලක්වු තැනැත්තා සොයාගැනීමටත්, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් පොලිසියට හැකි වී ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top