ජාතික භාෂා පුහුණු ආයතනයේ ලොක්කන් ධුරවලින් ඉවතට

New Day
0


ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ සභාපතිවරයා ඇතුළු සියලු සාමාජිකයන් ඉවත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පියවර ගෙන ඇත.

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ නව කළමනාකරණ මණ්ඩලයක් පත් කිරීමට සැලසුම් කර ඇති බැවින් මෙම තීරණය ගත් බව අග්‍රාමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද, එහි සෙසු සාමාජිකයන් වන ආචාර්ය ඩබ්ලිව්. කේ. කොළඹගේ, විදූර්සන් වින්සේන්ද්‍රරාජන්, එන්. ජී. එස්. එච්. එම්. නවුෂාඩ් හා දිනුක් හෙට්ටිආරච්චි මෙලෙස සිය ධුරවලින් ඉවත් කර ඇත.

එසේ ම, එහි සාමාජිකයන් වූ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අනුරාධ විජේකෝන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිමාලි අනුෂා ජයකොඩි සහ මුදල් අමාත්‍යාංශයේ කේ. ඩී. අයි. එස්. කේ. සිරිවර්ධන ද එම ධුරවලින් ඉවත් කර තිබේ.

2007 අංක 26 දරන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතන පනත යටතේ පැවැරී ඇති බලතල අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙම තීරණය ගෙන ඇත.

මව්බිම

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top