ඉන්දීය මුදල් අමාත්‍යවරිය අද දිවයිනට

New Day
0


ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් තෙදින නිල සංචාරයක් සඳහා අද (
1) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

නිල සංචාරය අතරතුරදී අමාත්‍යවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

හෙට (2) දින කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවකට ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහභාගී වීමට නියමිත අතර එහි ප්‍රධාන දේශනය ඇය විසින් සිදු කිරීමට නියමිත බව ද එම අමාත්‍යංශය පැවසීය.

අනතුරුව ඇය ත්‍රිකුණාමල‍යේ පිහිටි තෙල් ටැංකි සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවකට හා යාපනය,මහනුවර යන ප්‍රදේශවල ද සංචාරයන්හි නිරත වනු ඇත.

ශ්‍රී ලංකා රජය සමග ආගමික ස්ථානවල සූර්ය බලපද්ධති සවිකිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමක්  අත්සන් කිරීමේ අවස්ථාවට ද ඇය එක් වීමට නියමිතව ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top