දීපාවලී උත්සවය අදයි..

New Day
0


ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී උත්සවය අදට යෙදී තිබේ.

විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින්  හින්දු බැතුමතුන් දීපාවලී උත්සවය සමරනු ලබයි.

අයහපත පරදා යහපතත් අදුර පරදා ආලෝකයත් උදා වීම සංකේතවත් කෙරෙන දීපවාලිය නව සඳ උදා වීමත් සමග යෙදී.

දීපවාලී දිනය හින්දු බැතිමතුන් ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකෙන අතර ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබයි.

හින්දු භක්තිකයන්ට අනුව දීපාවලි උත්සව සැමරුම වසර 35000 කට පෙර සිට පැවත එන්නකි.

දීපවාලී උත්සවය නිමිත්තෙන් අද (12) දිනයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම මත්පැන්හල් හා මහියංගනය, රිදී මාලියද්ද යන ප්‍රදේශවල හැර බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලු මත්පැන්හල් වසා තබන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.

දීපවාලී උත්සවය නිමිත්තෙන් සියලු දමිළ පාසල් සඳහා හෙට දිනයේ නිවාඩු ලබාදීමට අධ්‍යාපනය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ වෙනුවට නොවැම්බර් මස 18 වැනි සෙනසුරාදා දින අදාළ පාසල් පැවැත්විය යුතු බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දේ.

දීපවාලී උත්සවය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top